තමන්ට කළ දේට රිටන් එක දෙන්න - රංගන ශිල්පිණි දමිතා දැඩි තීරණයක් ගනී.
By Wayomi
රංගන ශිල්පිණි දමිතා අබේරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, අනීතිකව අත්අඩංගුවට ගැනීම හරහා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පවසමින්.
විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා පසුගිය 24 වනදා ඇප මත මුදාහරිනු ලැබුවා.
කෙසේ නමුත් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ,සමගි ජන බලවේගයෙන් දේශපාලනයට පිවිසීම තමාට අකටයුතුකම් සිදුවීමට හේතුවී ඇති බවයි.
...................................................................