හදිසි අනතුරු ගැන භය හිතෙන අනාවරණයක්
හදිසි අනතුරුවලට මුහුණදෙන පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 14 සහ 15 යන කාණ්ඩවල පසුවන දරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය සදහන් කර තිබේ.
බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය මේ බව සඳහන් කළේ 11 වන ජාතික අනතුරු නිවාරණ සතිය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි
එහිදී වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය සදහන් කළේ මෙවන් අදහසක්
"අපේ රටේ රෝහල්වල අදවන ප්‍රධානතම සාධකයක් ලෙස හදිසි අනතුරු හඳුනාගෙන තියෙනවා. ආබාධ ඇති පුද්ගලයන් බිහිවීම සහ මරණ සංඛ්‍යාවටත් සැලකිය යුතු ප්‍රධානම දායකත්වයක් හදිසි අනතුරු නිසා සිද්ධ වෙනවා. හදිසි අනතුරුවලට භාජනය වෙන්නේ අපි එලදායී වසය් සීමා කියන අවුරුදු 15 සහ 14 අතර වයස් සීමාවල කාණ්ඩය තමයි හදිසි අනතුරුවලට භාජනය වෙන්නේ සහ මියයන්නේ. ඒකෙන් අපේ රටේ ආර්ථිකයට දියුණුවට විශාල අහිතකර බලපෑමක් ඇතිවෙනවා. හදිසි අනතුරු නිසා රෝහල්ගතවන ප්‍රමාණය ගත්තොත් සියලුම රෝහල්ගත වීම් සැළකුවොත් ඒකෙන් දසවන ස්ථානය හදිසි අනතුරුවලට භාජනය වෙලා . අපේ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 8%ක් හදිසි අනතුරු නිසා සිදුවන මරණ"