තලෙයිමන්නාරමට අධිවේගී දුම්රිය ගමනක් - මාර්ග සංවර්ධන වැඩ අවසන්

By Malith Madushan Jul 01, 2026 10:25 AM GMT
Report

ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී තිබූ තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර මාසයකට අධික කාලයක් ගතව තිබුණද, එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට මෙතෙක් අවශ්‍ය පියවර ගෙන නොමැති බව Sri Lanka Railway Station Masters' Union පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේ, ආපදා තත්ත්වය හේතුවෙන් තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් සෝදාගෙන යාම නිසා දුම්රිය දෙපාර්තමේන්තුව එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි.

කෙසේ වෙතත්, මේ වන විට මාර්ග අංශයේ නිලධාරීන් සහ සේවකයින් විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ කර ඇති අතර, පැයට කිලෝමීටර් 120ක වේගයකින් දුම්රිය ධාවනය කළ හැකි මට්ටමට මාර්ගය යථා තත්ත්වයට පත් කර ඇති බවද ඔහු පැවසීය.

තිරසාර පරිසරයක් අපේ කැපවීමයි - බැංකොක්හිදී පරිසර නියෝජ්‍ය ඇමති කියයි

තිරසාර පරිසරයක් අපේ කැපවීමයි - බැංකොක්හිදී පරිසර නියෝජ්‍ය ඇමති කියයි

මීට පෙර මෙම මාර්ගයේ දිනපතා උදෑසන දුම්රිය ගමන් වාර දෙකක් සහ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු සේවා කිහිපයක් ක්‍රියාත්මක වූ අතර, උතුරු ප්‍රදේශයේ ජනතාව, ආරක්ෂක අංශ සාමාජිකයින් සහ මඩු දේවස්ථානය වෙත ගමන් කරන බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් එම සේවාවෙන් ප්‍රයෝජන ගත්හ.

එන්ජින් හිඟය ඇතුළු කරුණු හේතුවෙන් දුම්රිය සේවා යළි ආරම්භ කිරීම ප්‍රමාද වීම නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවද එම වෘත්තීය සමිතිය සඳහන් කරයි.

ඒ අනුව, ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ කර ඇති තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ දුම්රිය සේවා කඩිනමින් යළි ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම සංගමය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ලංකාවේ මහජන සෞඛ්‍යයේ හදවතට වසර 100ක්- කළුතර NIHS ශත සංවත්සර උළෙල අද අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්.

ලංකාවේ මහජන සෞඛ්‍යයේ හදවතට වසර 100ක්- කළුතර NIHS ශත සංවත්සර උළෙල අද අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්.