ගලි බවුසර් 100ක් මිල දී ගැනීමට ආණ්ඩුව සූදානම්
රාජ්‍ය අංශයේ සංවර්ධන කටයුතු සහ ක්ෂේත්‍ර රාජකාරීන් වඩාත් ඵලදායී මෙන්ම කඩිනම් කිරීම සඳහා අත්‍යවශ්‍ය උපයෝගිතා වාහන 535ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව පළ වී ඇත.
අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්
රාජ්‍ය ආයතන සතුව පවතින වාහන හිඟය හේතුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලසීමාවන් තුළ නිම කිරීමට දැඩි බාධා එල්ල වී ඇති බව රජය විසින් හඳුනාගෙන තිබේ.
මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලෙස අදාළ වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වහාම ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව, මිලදී ගැනීමට නියමිත සමස්ත වාහන සහ යන්ත්‍රෝපකරණ 535ක ප්‍රමාණය කාණ්ඩ අනුව මෙසේය,
ට්‍රැක්ටර් රථ 175ක්, ටිපර් රථ 160ක්, ගලි බවුසර් 100ක් සහ බැකෝ යන්ත්‍ර (Backhoe Loaders) 100ක් වශයෙන් මෙරට ක්ෂේත්‍ර කටයුතු සඳහා ඒවා එක් කිරීමට නියමිතය.