තමාව නිදහස් කරන ලෙස ඉල්ලමින් සරණ ගුණවර්ධනගෙන් ඇපෑලක්

Report

දූෂණ චෝදනාවලට වරදකරු කරමින් තමන් වෙත පනවා ඇති වසර 16 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම සහ දඩ මුදල් අවලංගු කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් හතරක් ගොනුකර තිබේ.

නීතිඥ රන්ජන් ද සිල්වා මහතා මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති මෙම ඇපැල් පෙත්සම්, අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා මේ වන විට කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇත.

අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්

අපිට බලන්නවත් පිටපතක් දුන්නෑ වුණු පොරොන්දු කැඩුවා - රැජිණියේ චිත්‍රපටය සම්බන්ධයෙන් සමනලී ෆොන්සේකා ඇතුළු පවුලේ උදවියගෙන් දැඩි විරෝධයක්

සරණ ගුණවර්ධන මහතා 2006 වර්ෂයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් කුලී පදනම මත වාහන ලබාගෙන රජයට පාඩු සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු හතරක් පවරා තිබුණි.

එම නඩු විභාග අවසානයේ ඔහු වරදකරු වූ අතර, එක් නඩුවකට වසර හතර බැගින් සමස්තයක් ලෙස වසර 16 ක සිර දඬුවම් නියම විය.

හිරිහැටියේම රත්තරන් මිල දවසින් අඩු වෙලා - මාසේ මුලම ලොකු ගාණකින් අඩුවුණු රත්තරන් වල අද මිල මෙන්න

හිරිහැටියේම රත්තරන් මිල දවසින් අඩු වෙලා - මාසේ මුලම ලොකු ගාණකින් අඩුවුණු රත්තරන් වල අද මිල මෙන්න