පෙම්වතුන් යුවළකට ගෙනා සංවේදී ඉරණම..
මාළු මිල දී ගනිමින් සිටිය දී ලොරි රථයකට යට වීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත් විය.
ඇය සමගින් එහි සිටි පෙම්වතා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
එම අනතුරෙන් මියගොස් ඇත්තේ කළුතර, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කන්දමුලගෙ උදේනි නිමාෂා නම් 23 හැවිරිදි තරුණියක් ය.
ඔවුන් මෑතක දී විවාහවීමට බලාපොරොත්තුවෙන් සිට ඇති අතර ඊයේ (23) රාත්‍රී කළුතර දෙස සිට මතුගම දෙසට යතුරුපැදියෙන් යමින් සිට ගල්අස්හේන හන්දියේ නවතා මාළු මිල දී ගනිමින් සිට ඇත.
එහිදී කළුතර දෙස සිට මතුගම දෙසට ධාවනය වූ ලොරි රථයක් මොවුන්ගේ ගැටී අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලබා සිටි දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කෙරිණී.
එහිදී තරුණිය මියගොස් ඇති අතර තරුණයා බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබයි.
ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |