බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයෙක් විසි වී ගොස් වහලයක් මතට පතිත වෙලා. (VIDEO)
ඊයේ (30) දින හොරණ - මලගල පාර පාදුක්ක ගුරුගොඩ සමෘද්ධි බැංකුව අසල දී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
එම අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
වංගුවක් සහිත ප්‍රදේශයකදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථය සහ යතුරුපැදිය මුහුණට මුහුණ ගැටී ඇත්තේ.
එම අනතුරින් යතුරුපැදිය සහ මෝටර් රථය ගිනිගැනීමට ලක්වී ඇති අතර ප්‍රදේශවාසීන් මැදිහත්වී ගින්න නිවා දමා ඇත.
යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා අනතුරත් සමග මීටර් 15ක් පමණ ඉහළින් විසි වී ප්‍රතිවිරුද්ධ දිශාවේ ඇති වෙළෙඳසැලක වහලය මතට පතිත වී තිබෙනවා.
දර්ශන අයිතිය - Ada Derana Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |