හෙට මධ්‍යම රාත්‍රිය පමණයි... ඊට බැහැ... ඉක්මන් කරන්න

Report

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනිම හෙට (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ මේ දක්වා අයදුම් නොකළ , සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් සිය අයදුම්පත්‍ර තැපෑලට භාරදීමෙන් වැලකී සිටින ලෙසයි.

එම නිසා හෙට මධ්‍යම රාත්‍රී 12 ට පෙර තම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට එම ඉල්ලුම්පත් ගෙනැවිත් භාරදිය යුතු බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

කෙසේ වෙතත්, කිසිදු අවස්ථාවක යළිත් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ නොකරන බව එම කොමිසම කියා සිටියා