මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතියේ අලුත්ම අනාවරණ..

Sri Lanka Government Of Sri Lanka Latest Headlines
By Piyumika Jul 21, 2024 01:22 AM GMT
Piyumika

Piyumika

Report

රාජ්‍ය ආයතන සතු අනූ දහසකට අධික වාහන අතරින් හාරදහස් එකසිය අසූ දෙකක් ධාවනය කළ නොහැකි මට්ටමේ පවතින බව මූල්‍ය නොවන වත්කම් කළමනාකරණ පද්ධතියට අනුව අනාවරණය වී තිබේ .

වෘෂභ, කටක සහ මකර ලග්න වල අය අද දැඩි කල්පනාකාරීව කටයුතු කරන්න..අනෙක් අයටත් විශේෂ දිනයක්..

වෘෂභ, කටක සහ මකර ලග්න වල අය අද දැඩි කල්පනාකාරීව කටයුතු කරන්න..අනෙක් අයටත් විශේෂ දිනයක්..

පසුගිය මැයි මස 20 වැනිදාතමින් නිකුත් කර තිබෙන නවතම දත්තයන්ට අනුව මෙම වාහන අතරින් තිස් හත් දහස් එකසිය අසූ එකක් වසර පහළොවකට වඩා පැරණිය. ලියාපදිංචි වර්ෂය සඳහන් නොවන වාහන සංඛ්‍යාව එකසිය හතළිස් එකකි.

වසර එකොළහත් පහළොවත් අතර කාලයක් ගත වී තිබෙන වාහන විසි දහස් පන්සිය දහයක් ද වසර හයත් දහයත් අතර කාලයක් ගතව ඇති වාහන සංඛ්‍යාව විසි දහස් අටසිය පනස් හයක් ද වේ.

පස් දෙනෙකු ඇතුලේ සිටියදීම ගීනිගත්හේනේදී මහ මග ගිනි ගත් මෝටර් රථය ..

පස් දෙනෙකු ඇතුලේ සිටියදීම ගීනිගත්හේනේදී මහ මග ගිනි ගත් මෝටර් රථය ..

පාවිච්චි කිරීම ආරම්භ කර පස් වසරක් ඉක්මවා නොමැති වාහන ඇත්තේ එකොළොස් දහස් තුන්සිය අසූ තුනක් පමණි.

ධාවනය කළ හැකි මට්ටමේ පවතින වාහන සංඛ්‍යාව අසූ පන් දහස් අටසිය අනූ පහක් වන අතර ඉන් පහළොස් දහස් හත්සිය හැත්තෑ හතරක්ම යතුරු පැදි වේ. ත්‍රිරෝද රථ සංඛ්‍යාව දෙසිය හැට හතකි. කාර් රථ සංඛ්‍යාව දොළොස් දහස් තුන්සිය දාහතරකි