ග්‍රාම නිලධාරිවරයෙකුව කපාකොටා ඝාතනය කරයි
අඹන්පොළ දකුණ ග්‍රාම නිලධාරීවරයාව අද (04) පෙරවරුවේ කිසියම් පිරිසක් විසින් කපාකොටා ඝාතනය කර තිබේ.
මියගොස් ඇත්තේ එස්.එම්. සපුකුමාර නමැති 51 හැවිරිදි තිදරු පියෙකි. රාජකාරි සඳහා යමින් සිටින අතරතුර වෑන් රථයකින් පැමිණි පිරිසක් අනුරාධපුර උදංගාව ප්‍රදේශයේදී ඔහුව කපාකොටා තුවාල සිදුකර පළාගොස් තිබුණි.
බරපතළ තුවාල ලැබූ ග්‍රාම නිලධාරීවරයාව රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගත්තත් රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇත.
මේ අතර , කුමන විවේචන එල්ලවුවද පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන වත්මන් රජය යටතේ නිසි අයුරින් සිදුකෙරෙන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
"මම පත්වුණාට පස්සේ පරීක්ෂණ හරියට සිදුවුණා. නමුත් තාම මුකුත් කළේ නෑ කියනවා. වත්මන් රජය පත්වුණාට පසුව 42ක් රක්ෂිත බන්ධනාගාරගත කළා. රැඳවුම් නියෝග මත 88ක් ඉන්නවා. වැරදිකාරයෙක් කියලා හිතුවට ඔප්පු කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරුණු සොයන්න ඕනේ. ඒ වෙනුවෙන් ටික කාලයක් ගතවෙනවා. එක වැරදි කරුණකින් වරදකරුවෙක් ගෙදර යන්න පුළුවන්. ජනාධිපතිතුමා පත්වෙන්න කරපු ඩීල් එකක් කියනවා. ගෞරවාන්විත අයත් ඒ වචනය භාවිත කළා. මම වගකීමෙන් කියනවා මෙය ඩීල් එකක් නෙවෙයි. ශ්‍රේෂ්ඨ ආගමක් වැරදි ලෙස අර්ථකථනය කර අඳභාවයට පත්වුණු මිනිසුන් කළ ක්‍රියාවක්"
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |