දියේ ගිලී අතුරුදන් වූ තරුණයා..
By Sewvandhi
මා ඔයේ දියනෑමට ගිය 29 හැවිරිදි තරුණයකු රඹුක්කන, බොලගම පාලම අසල මා ඔයේ ගිලී අතුරුදන් ව තිබේ.
පොලීසිය පැවසුවේ, පුද්ගලයකු එලෙස දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි.
පොලීසිය සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, ඔහු මිතුරන් පිරිසක් සමඟ උපන්දින සාදයක් පැවැත්වීමට අදාළ ස්ථානයට ගොස් සිටිය දී එම අනතුරට ලක් ව ඇති බවයි.
අතුරුදන් වූ තරුණයා සොයා පොලිස් නාවික කොට්ඨාසය සහ නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය.