සෙමට දුන්න බෙහෙත් බීලා තරුණයෙක් මියයයි.
පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සෙම රෝගයට ප්‍රතිකාර ලබාගත් තරුණයකු මියගිය පුවතක් මාතලේ ප්‍රදේශයන් වාර්තා වෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, කලල්පිටිය පාර, උකුවෙල පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙක්.
පසුගිය 19 වනදා ඔහුට හටගත් සෙම රෝගයටප්‍රතිකාර ලබාගැනීමට උකුවෙල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් තිබෙනවා.
පසුව එහිදී ලබාගත් ඖෂධ පානය කිරීමෙන් අනතුරුව හුස්ම ගැනීමට අපහසු වීම ඇතුළු ශාරීරික අපහසුතා කිහිපයක් හටගෙන ඇත.
පසුව ඔහුව මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී අසාධ්‍ය තත්ත්වයෙන් සිටි තරුණයා මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුගේ මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මාතලේ රෝහලේදී පැවැත්වූ අතර, එහිදී විවෘත තීන්දුවක් ලබා දී ඇත.
ඒ අනුව මෘත දේහයේ කොටස් හා ඔහු විසින් භාවිත කරන ලද ඖෂධ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකොට වැඩිදුර වාර්තාවක් ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
