ප්‍රසූත කළ කිරිසප්පයා රෝහලේ ඇඳ මත සිටිය දී මවගේ මළ සිරුර මුහුදේ පා වෙලා - සංවේදී පුවතක් මෙරටින්..

Sri Lanka Police Sri Lanka Police Investigation Death Latest Headlines
By krishani Jan 28, 2024 10:32 AM GMT
krishani

krishani

Report

අද (28) කාන්තාවකගේ මළ සිරුරක් තංගල්ල ධීවර වරාය ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබෙනවා.

ප්‍රසූත කළ කිරිසප්පයා රෝහලේ ඇඳ මත සිටිය දී මවගේ මළ සිරුර මුහුදේ පා වෙලා - සංවේදී පුවතක් මෙරටින්.. | A Woman Dies In Tangalle Sea

ඒ අනුව තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් මෙම මළ සිරුර සොයාගෙන ඇත.

ඒ ලැබුණ තොරතුරකට අනුවයි.

මෙලෙස සොයාගෙන ඇත්තේ රන්න, තලුන්නේ ප්‍රදේශයේ පදිංචිව සිටි සන්දීපා රුවනි නමැති 33 හැවිරිදි විවාහක කාන්තාවකගේ මළ සිරුරක් ය.

ඇය මීට දින දෙකකට පෙර තංගල්ල මූලික රෝහලේ දී දරුවෙකු ප්‍රසූතකර ඇත.

එලෙස දරුවා බිහි කිරීමෙන් පසු මෙම මව රෝහලේ රැඳී සිට ඇති අතර, එලෙස රැඳී සිටි ඇය අද අලුයම තුනට පමණ රෝහලෙන් අතුරුදන්ව තිබෙනවා.

ඇය විසින් ප්‍රසූත කළ බිළිඳා රෝහලේ ඇද මත තනිව සිටින බව දුටු එම වාට්ටුවේ හෙදියන් මව සම්බන්ධයෙන් සොයා බලා ඇත.

නමුත් ඇයව සොයාගැනීමට හැකි වී නොමැති අතර අද උදෑසන මෙම කාන්තාවගේ මළ සිරුර මුහුදේ පාවෙමින් තිබිය දී මෙලෙස සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, රෝහල් බලධාරීන් සැක පළ කරනුයේ පසු ප්‍රසව විශාදිය හේතුවෙන් ඇය සියදිවි නසාගෙන මිය යන්නට ඇති බවයි.

Sponsored By Sarrita Jewellery

ප්‍රසූත කළ කිරිසප්පයා රෝහලේ ඇඳ මත සිටිය දී මවගේ මළ සිරුර මුහුදේ පා වෙලා - සංවේදී පුවතක් මෙරටින්.. | A Woman Dies In Tangalle Sea

ReeCha