පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලකට ප්‍රහාරයක් - සිසුන් 76 රෝහලේ..

Report

පස්සර පොදු ක්‍රීඩාංගණයේදී අද (20) පැවති පාසල් නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවයක් අතරතුර බඹර ප්‍රහාරයක් එල්ලවී තිබේ.

දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි චානක ගන්කන්ද මහතා පැවසුවේ,බඹර ප්‍රහාරයට ලක්වූ සිසු සිසුවියන් 76 දෙනෙක් පස්සර මූලික රෝහලට ඇතුළත් කළ බවයි.

රෝහලට ඇතුළත් කළ සිසු සිසුවියන් 50 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර තවත් 26 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙන බවයි වාර්තා වන්නේ.

නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවැති ක්‍රීඩාංගණයට නුදුරින් පිහිටි කැළෑ ප්‍රදේශයක තිබූ බඹර කූඩුවකට සිසුන් පිරිසක් විසින් එල්ල කරන ලද ගල් ප්‍රහාරයක් නිසා එම බඹරුන් ඇවිස්සී ඇති බව වාර්තා වෙයි.