මහේස්ත්‍රාත්වරියකට ලේසරයක් ඇල්ලූ උපකාරක පන්ති ගුරුවරයාට වැඩ වැරදෙයි - දෙමාපියන් ඔහු ගැන කීව අමුතු කතාව..

Sri Lanka Police Sri Lanka
By krishani Sep 15, 2023 06:27 PM GMT
krishani

krishani

Report

කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර නඩු කටයුත්තක් මෙහෙයවමින් සිටිය දී මහේස්ත්‍රාත්වරිය ⁣දෙසට උපකාරක පන්ති ගුරුවරයෙක් විසින් ලේසර් කිරණයක් එල්ල කල බව කියන පුවතක් වාර්තා වේ.

ඒ හේතුවෙන් අදාල එම උපකාරක පන්ති ගුරුවරයා ලබන 27 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරිය අද (15) දින නියෝග කළේ ය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේ කෝට්ටේ කොටුබැම්ම පාර පදිංචිකරුවකු වන උපකාරක පන්ති ගුරුවරයෙකු ය.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් කඩුවෙල පොලිස් ස්ථානයට සිදුකල පැමිණිල්ලක් මත අධිකරණයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරීන් විසින් අධිකරණය තුළ සෝදිසියට ලක්කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරුගේ දෙමාපියන් සඳහන් කර ඇත්තේ ඔහු මානසික ආබාධයකින් පෙලෙන බව‍යි.

ඒ හේතුවෙන් ඔහුව මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ඇප මත මුදා හරින ලෙස ඉල්ලීමක් සිදු කළේ ය.

නමුත් කඩුවෙල පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිළධාරීන් සැකකරුට ඇප ලබා දීමට විරුද්ධත්වය පල කළේ ය.

කෙසේ වෙතත්, මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකරු ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර අධිකරණ මානසික වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසයි.

එමෙන්ම සැකකරුගේ දුරකතන දත්ත වාර්තා පරීක්ෂා කර බලා එම වාර්තා ද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඇය නියෝග කර තිබෙනවා.

ReeCha