හෙට සුනාමි අනතුරු ඇඟවීමක් ගැන ආරංචියක්..
හෙට(26) දිනයට යෙදෙන සුනාමි සැමරුම වෙනුවෙන් ජාතික වශයෙන් වැඩසටහන් රැසක් දිස්ත්‍රික්ක මට්ටමෙන් පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දැනුම්දී තිබෙනවා.
එහි අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.
ඒ අනුව,ඒ මහතා ප්‍රකාශ කළේ, සුනාමි සැමරුම වෙනුවෙන් කොළඹ කොටුවෙන් පෑරළිය බලා 'සුනාමි දුම්රිය' ධාවනය කර පෑරළියේදී ආගමික වතාවත් සිදුකිරීමට නියමිත බවයි.
එමෙන්ම හෙට(26) පැවැත්වෙන සුනාමි සැමරුමට සමගාමීව සුනාමි අනතුරු පිළිබඳ දැනුම් දීමේ විශේෂ දුරකථන නාදමාලාවක් හඳුන්වාදීමට ද නියමිත බවයි සුදන්ත රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ප්‍රවේශමෙන්. බබා වැන්ගා ඇතුළු ජෝතිෂ්‍යවේදීන්ගේ 2023 අනාවැකිය හරියයිද? මේ දෙසැම්බර් 26ත් 2004 වගේලු !(VIDEO)
ඒ අනුව දුරකථන මඟින් මෙම නාද මාලාව භාගත කිරීමෙන් සුනාමි අනතුරක් සිදුවෙන අවස්ථාවලදී සිය දුරකථනවලට එම නාදය මගින් අනතුරු සංඥා නිකුත් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
"මීට වසර 19කට පෙර සුනාමි අනතුර හේතුවෙන් ශ්‍රී ලංකාවේදී දෙස් විදෙස් ජීවිත දහස් ගණනින් අහිමි වුණා.
එය මෙරට ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයක් ලෙස හැඳින්විය හැකි අතර, එම අනතුරින් ජනතාවට උන් හිටි තැන් අහිමි කරමින් විශාල දේපල හානියක් ද සිදුවුණා.
සුනාමි අනතුරට වසර 19ක් පිරෙන හෙට දිනයේ, ලෝක ඉතිහාසයේ දරුණුතම දුම්රිය අනතුර ද සිදු වුණේ මෙම සුනාමි අනතුර හේතුවෙන්.
සුනාමි අනතුර සිදුවූ දින මෙන්ම පෝය දිනයක් වීමද විශේෂත්වයක්.."
එලෙස පොහෝය දිනයක් වීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් කිසිදු විද්‍යාත්මක හේතුවක් නොමැතිව සුනාමි උවදුරක් යළි පැමිණේවි යයි මත පල කරමින් සිටියි.
සුදන්ත රණසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, යළි සුනාමියක් ඇතිවිය හැකි බව පවසමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුමවාරු වන බවයි.
සුනාමි අනතුරක් පිළිබඳ පුරෝකථනය කිරීමට කිසිදු විද්‍යාත්මක සාධකයක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.
