දුම්රියේ ගිහිනුත් හමාරයි?. මෙන්න ඒ ගමන කට්ටියක් වර්ජනයකට සැරසෙයි..

Strike Sri Lanka Sri Lanka Railways Department of Railways Railways Latest Headlines
By krishani Oct 29, 2024 02:15 AM GMT
krishani

krishani

Report

ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

ඒ ‍දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ය.

ඊයේ (28) දිනයේ සිට පැය 72ක කාලයක් තුළ සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.

මෙන්න මේ මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිතයි?. පළවන වාර්තා වලට දුම්රිය දෙපාර්තමේන්තුව උත්තර දෙයි..

මෙන්න මේ මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිතයි?. පළවන වාර්තා වලට දුම්රිය දෙපාර්තමේන්තුව උත්තර දෙයි..


දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස් වීම් ගැටලුව ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද එයට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

වැඩිදුරටත් අදහස් දක්වමින් සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ මෙවැන්නකී,

"දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා මේ වෙද්දි ප්‍රකාශ කරලා තියෙනවා අපි වැරදි තොරතුරු දෙනවා කියලා. නමුත් කිසිදු වැරදි තොරතුරක් නෑ. වසර 5න් 5 ශ්‍රේණිගත වෘත්තීය සමිති ගණනාවක ඉල්ලීමකින් කොටසකට විතරක් දීලා පැවති රජයේ අමාත්‍යවරයා අවස්ථාව ලබානොදෙද්දි වෘත්තීය ක්‍රියාමාර්ගයකින් අපිට ලැබුණු උසස්වීම් ක්‍රමවේදය මේ වෙද්දි ක්‍රියාත්මක කරන්නේ නැතුව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අත්තනෝමතිකව රඳවාගෙන තබාගෙන ඉන්නවා. ඒ පිළිබඳව අපේ විරෝධය පළ කරනවා. නමුත් ඒ හා සමගම තවත් කරුණු කිහිපයක් තියෙනවා.

විවිධ ශ්‍රේණිවලට වාසි සහගත ලෙස සලකමින් දෙපාර්තමේන්තුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට තල්ලු කිරීමේ උත්සාහයක පාලනාධිකාරිය කටයුතු කරනවා කියන එක ඇමතිවරයාට හා ජනාධිපතිවරයාට පවසනවා. මෙයට සාධනීය පිළිතුරක් නැති නම් සමස්ත දුම්රිය සේවකයින් වෙනුවෙන් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා."

ReeCha