විශේෂ පොදු ප්‍රවාහන සේවා ඇත්තටම ක්‍රියාත්මකද? - කොළඹ මගී පෝලිම් තදබදයක්. - (VIDEO)

Sinhala and Tamil New Year Sri Lanka Railways Department of Railways Srilanka Bus
By Wayomi Apr 11, 2024 05:45 AM GMT
Wayomi

Wayomi

Report

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා විශේෂ පොදු ප්‍රවාහන සේවා ඊයේ (10) සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන මණ්ඩලය සඳහන් කළා.

කෙසේ වෙතත් අද උදෑසන වන විටත් ප්‍රවාහන පහසුකම් නිසි ලෙස නොලැබීමෙන් ජනතාව දැඩි අසීරුතාවයකට සිටි අයුරු දක්නට ලැබුනා.

ජාතික ගමනාගමන මණ්ඩලය නම් සඳහන් කළේ, ඒ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය බස්රථ 1,400ක් යොදවා ඇති අතර අවශ්‍යතාව මත තවත් බස්රථ එක් කීරීමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ පිටකොටුව බැස්ටියන් මාවත හා මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණි මගීන්ට ප්‍රමාණවත් තරම් දුරගමන් සේවා බස් රථ නොමැති වීම හේතුවෙන් අපහසුතාවට පත්ව ඇති අතර මේ හේතුවෙන් ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු වූ අතර බස් නැවතුම්පොළේ විශාල තදබදයක්ද නිර්මාණය වී ඇත.


එමෙන්ම අවශ්‍ය තරම් අධිවේගී මාර්ග බස්රථ ධාවනයට එක්කර තිබුණද මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අද උදෑසන කාලයේ විශාල පිරිසක් දක්නට ලැබුනා.

මේ අතර කොටුව දුම්රිය ස්ථානයටද අද පෙරවරුවේ විශාල පිරිසක් පැමිණ තිබුණේ අවුරුද්දට ගම්බිම් බලා පිටත්ව යෑම සඳහායි.

......................................................................

May you Like