ඇඳුම් පුළුටක්වත් නැතුව නිරුවතින් ගෙවල් ගානේ යන අමුතු මිනිහෙක්.. කරලා තියෙන හරියක් නිසා.. භීතියෙන් තැති ගෙන මෙන්න..
මේ කියන්න යන්නේ අමුතුම විදිහක සොරකමෙ යෙදෙන පුද්ගලයෙක් ගැන.
ඒ දින කිහිපයක් තිස්සේ නිරුවතින් නිවෙස්වලට ඇතුළු වන සොරෙක්.
ඒ හේතුවෙන් ගම්වාසීන් භීතියට පත් ව සිටින බවට තොරතුරු වාර්තා වේ.
මෙය වාර්තා වූයේ කහවත්ත පොලිස් බල ප්රදේශයේ වැල්ලදුර සහ ඇල්ලගේවත්ත ගම්මානවලින් ය.
මේ හේතුවෙන් ජනතාව භීතියටත් අපහසුතාවටත් පත්ව සිටින බව වාර්තා වේ.
එලෙස නිරුවතින් පැමිණ නිවාස කිහිපයක් බිඳ භාණ්ඩ සොරාගත් සැකකරු පලා ගොස් තිබෙන බව පැවසෙන්නේ.
මේ අතර අළුයම නිවෙසක මුළුතැන් ගෙට ඇතුළු වු පුද්ගලයා එහි සිටි තරුණ කාන්තාවක් බියවද්දා ඇතැයි ද වාර්තා වේ.
එහිදී ඇයගේ දරුවෙකු විසින් සොරාට පහර දෙන විට නිරුවතින් සිටි තැනැත්තා පලාගිය බවට පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙන බව පොලිසිය සඳහන් කළේ ය.
මෙලෙස නිරුවතින් පැමිණ තිබෙන පුද්ගලයෙක් නිවෙසක ආරක්ෂක කැමරාවේ පටිගත වී තිබෙන බව ද වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සතියක පමණ සිට සිදුවන බවට කහවත්ත පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.
එමෙන්ම, ඒ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බව කහවත්ත පොලිසිය සඳහන් කළේ ය.