ගුරුවරයෙකුගේ දරුණු කනේ පහරකින් සිසුවෙක් රෝහල් ගත කරයි..
කෑගල්ල නගරාසන්නයේ පිහිටි මිශ්‍ර පාසලක ගුරුවරයකු 13 හැවිරිදි සිසුවකුගේ කනට දරුණු ලෙස පහරදීම හේතුවෙන් රෝගාතුරවූ සිසුවා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ, රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් එම වාර්තාව ලබා ගැනීමට නියමිත බවයි.
කෑගල්ල මහ රෝහලේ උගුර, කන හා නාසය පිළිබඳ වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරුන් දරුවාගේ කන් බෙරයට හානීවී ඇති බැවින් ශල්‍යකර්මයක් සිදු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, ඊයේ (07 ) පෙරවරුවේ දරුවා ශල්‍යකර්මයකට භාජන කළ බව ද වෛද්‍යවරු පැවසූහ.
මෙම පහරදීම සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන් විසින් කෑගල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර ඊට අදාළව විමර්ශන ආරම්භ කර ඇත.