බාල එන්නතක් මෙරටට ගෙන්වීමට ගහපු ගේමක්. - හිමිකරු CID අත්අඩංගුවට.

CID - Sri Lanka Police Sri Lanka
By Wayomi Nov 01, 2023 05:50 AM GMT
Wayomi

Wayomi

Report

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මෙරටට ආනයනය කළ කළ මෙරට සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා.

ඒ, ඔහු ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ඉන්දියාවේ සිට ඉමියුනොග්ලොබියුලින් නැමති එන්නත් කුප්පි ආනයන කිරීමේ චෝදනා මතයි.

ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් පසුගියදා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ,අදාළ ඉන්දීය සමාගම සමඟ සිදුකළ පණිවුඩ හුවමාරුවකින් එම සමාගම කිසිදු ඖෂධයක් ශ්‍රී ලංකාවට හෝ වෙනත් රටකට අපනයන කර නොමැති බවට අනාවරණය කරගත් බවයි.

ඒ අනුව මෙරට සමාගමක් මෙලෙස ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.  

ReeCha