පරිස්සමෙන් 15 හැවිරිදි සිසුවියක් පැහැර ගත් භයානක සිදුවීම...(VIDEO)

Police spokesman Anuradhapura Sri Lanka Sri Lanka Magistrate Court
By Sithumi Oct 31, 2023 07:37 AM GMT
Sithumi

Sithumi

Report

 අනුරාධපුර හෙඩ්ඩුවැව ප්‍රදේශයෙන් 15 හැවිරිදි දැරියක් සිය නිවසේ සිටියදී පෙරේදා (29) අලුයම 1ට පමණ පැහැරගෙනයාමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවෙකු අනුරාධපුර දිවුල්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පැහැර ගැනුණු දැරිය පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තාවී නොමැති බවයි ඥාතීන් පවසන්නේ.

එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙක් දැරිය පැහැරගෙන ඇති බව ඥාතීන් චෝදනා කරනවා.

දිවුල්වැව පොලිසිය මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

දර්ශන - අද දෙරණ  


ReeCha