A/L සහ තවත් සිසුන් පිරිසකට විශේෂ දැනුම් දීමක්.

Sri Lanka Parliament Education A/l students Campuse
By Aruna Sep 21, 2021 07:00 AM GMT
Aruna

Aruna

Report

පැරණි සහ නව විෂය නිර්දේශ යටතේ 2020 උසස් පෙළ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා දිස්ත්‍රික්ක වශයෙන් ප්‍රතිශත නිකුත් කෙරේ.

ඉසෙඩ් අගය ලබන මාසයේ ප්‍රකාශයට පත් කෙරේ.

පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අද (21) උදෑසන පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික මහතා යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා - "උසස් පෙළ විෂය මාලාව අවසන් කරන්න බැරි බව සමහර සිසුන් ප්‍රකාශ කරලා තියෙනවා.

මටත් කිහිපදෙනෙක් මුණගැහුණා.

මම ඉල්ලීමක් කරන්න කැමතියි ඇමතිතුමාට විභාගය ගැන හොයලා බලලා ගතයුතු පියවර කිහිපය අරගන්න කියලා."

මෙහිදී අදහස් දැක්වු දිනේෂ් ගුණවර්ධන මහතා, "අමාත්‍යාංශය අවධානය යොමුකර තිබෙන අතර, විභාග කොමසාරිස්තුමා සමඟ ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා."

පාඨලී චම්පික - "ඉල්ලීමක් තියෙනවා ඒ උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නත ලබාදෙන්න කියලා.

අනිත් එන්නත් හරියන්නේ නෑ.

තරුණ දරුවන්ට ගැළපෙන එන්නත ෆයිසර් එන්නත ලබාදීලා අදාළ විෂය මාලාවන් සම්පූර්ණය කරලා හැකි ඉක්මනින් විභාග පවත්වන්න කියලා.

ඔබතුමා දන්නවා විභාගයේ තියෙන වැදගත් කම ඉක්මනින් පවත්වන්න කියලා ඉල්ලීමක් කරනවා."

දිනේෂ් ගුණවර්ධන - "දැනටමත් ජනාධිපතිවරයා ගිය සතියේ නියෝගයක් දීලා තියෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය සාකච්ඡා වට ආරම්භ කරලා තියෙනවා.

පළමුවෙන් උසස් පෙළ සිසුන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට තීරණයක් අරගෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරලා තියෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha