දකුණු කොරියාවේ දී ලාංකික තරුණයෙක් අවාසනාවන්ත ලෙස මිය යයි.(PHOTOS)

Sri Lanka South Korea Death Murder
By Aruna Dec 06, 2023 07:13 AM GMT
Aruna

Aruna

Report

දකුණු කොරියාවේ රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයෙකු ඔහු සමඟ එහි සේවය කළ තවත් ලාංකිකයෙකු එල්ල කළ බව පිහි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන අවාසනාවන්න පුවතක් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැරැත්තවල, නුගපේ පමුණුගම පදිංචි අවුරුදු 29ක බී. කේ. ෂෙනිත් දුලාජ් චතුරංග නැමති එක්දරු පියෙක් බවයි පැවසෙන්නේ.

ඔහුට අවුරුදු එක හමාරක් වයසැති කුඩා දියණියක් ද සිටින බව වාර්තා වේ.

දුලාජ් පසුගිය අගෝස්තු මාසයේදී 19වැනි දින කොරියාවේ රැකියාවක් සඳහා පිටත්ව යන්නේ දහසකුත් අපේක්ෂාවන් පොදිබැඳගෙනයි.

නමුත් ඔහුගේ සියලු සිහින බොඳ කරමින් ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබේ.

ඔහුගේ වියෝවෙන් පසු අසරණ වූ ඔහුගේ බිරිඳ ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්.

"'. මමයි චතුරංගයි යාළු වෙලා මීට වසර තුනකට ඉහතදී තමයි විවාහ වුණේ. චතුරංග තමයි මගේ ජීවිතය. එයා අවුරුදු දෙකහමාරක් ජපානයේ සේවය කළා.

චතුරංග එයාගේ තාත්තට අසනීප නිසයි ලංකාවට ආවේ. ඒ ඇවිත් තාත්තාගේ එළවළු එළවළු ව්‍යාපාරයට උදව් කරමින් හිටියේ.

අපේ පුංචි දුව අපිට ලැබිලා අවුරුද්දක් විතර යද්දි යද්දී අපි සියලු දෙනාගේම අනාගතය සැපවත් කරන්න හිතාගෙන එයා අගෝස්තු මාසෙ 19 වැනිදා කොරියාවේ රැකියාවට ගියේ.

එයා එහේ වැව්වල වෑල්ඩර් කෙනෙක් විදියට සේවය කළේ. කොරියාවේ මොප්පෝ ප්‍රදේශය එයාගේ කාමරයෙ එයා හා තවත් දෙන්නෙක් ඉන්නවා. අල්ලපු කාමරේ තවත් දෙන්නෙක් ඉඳලා තියෙනවා.

ඒ දෙන්නගෙන් එක්කෙනෙක් නිතරම බීලා ඇවිත් චතුරංග එක්ක ආරවුල් ඇතිකර ගන්නවා කියලා එයා මට කීප වරක්ම කියලා තිබුණා.

එයා එරට ඉන්න එයාගේ ඒජන්තවරයාටත් කියලා තිබුණා. ඉන්න තැන කරදරයි වෙන තැනකට යනවා කියලා. එදත් මාත් එක්ක කතා කරද්දි චතුරංග කිව්වේ අල්ලපු කාමර ඉන්න කෙනාගෙන් කරදරයි කියලා.

මම කිව්වා ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න කතාවට යන්න එපා කියලා. එහෙම මම කිව්වට පස්සේ චතුරංග නිදාගන්න යනවා කියලා ෆෝන් එක තිබ්බා.

එයා නිදාගෙන හිටිය වෙලේ අල්ලපු කාමරේ හිටපු කෙනා ඇවිත් පිහියකින් පපුවට ඇනලා තියෙන්නේ . මගේ චතුරංග කාත් එක්කත් හිත හොඳින් ආශ්‍රය කරපු කෙනෙක්.

එයාට මේ වගේ දෙයක් වුණා කියලා කොහොමද විශ්වාස කරන්නේ? දැන් මමයි මගේ දරුවයි අඳුරු ලෝකයක තනිවෙලා.

ඇගේ හැඩුම්බර වදන් එසේ වචන බවට පරිවර්තනය වෙද්දී ඔහුට මෙම අපරාධය සිදුකළ පුද්ගලයා එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වැඩිදුරටත් පවසන්නේ.

GalleryGalleryGallery
ReeCha