කොදෙව් ක්‍රිකට් පුහුණුවට ශ්‍රී ලාංකිකයෙක්.
බටහිර ඉන්දීය පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ලෙස, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රමේෂ් සුභසිංහ තේරී පත්ව තිබෙනවා.
අයදුම්කරුවන් 53 දෙනෙකු අතරින් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් මොහු ,මිට පෙර නවසිලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ ද ප්‍රධාන පුහුණුකරු ලෙස සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙස කටයුතු කල අයෙකි.
තව ද ICC තුන්වන මට්ටමේ පුහුණුකරුවෙකු ලෙස ද සිය සුදුසුකම් සපුරා ඇත.
තව ද ඔහු තාක්ෂණික ප්‍රතිකර්ම සහ ක්‍රීඩා ජෛව යාන්ත්‍ර විද්‍යාව ,පන්දු යැවීමේ බර කළමනාකරණය පුද්ගල පරිපුර්ණ කුසලතා සංවර්ධනය ආදී වූ ක්ෂේත්‍ර රැසක දක්ෂතා ඇති අයෙකි.