බස් රථ වල යන අය අනිවාර්යයෙන්ම දැන ගතයුතු දෙයක්..ළඟදීම වෙන දේ මෙන්න.

Covid Sri Lanka Gemunu wijerathne Bus passengers
By Aruna Nov 14, 2021 09:13 AM GMT
Aruna

Aruna

Report

ලබන වසරේ ජනවාරි මාසයේ සිට කොන්දොස්තරවරුන් නොමැතිව පෞද්ගලික බස් රථ ධාවනයට අවධානය යොමුව තිබෙනවා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ බස්රථවලින් ලබාගන්නා ආදායමෙන් සේවකයින් දෙදෙනෙකු නඩත්තු කිරීමට අපහසු බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

ඒ අනුව මගී ජනතාවට “ඔමිනි” නමින් පෙර ගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට මේ වනවිටත් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි ගැමුණු විජේරත්න සදහන් කළේ.

කාඩ්පත ලබා ගැනීමට අකමැති මගීන් සදහා බස් රථයේ රියදුරු අසල මුදල් දැමීමට එහි විශේෂ ස්ථානයක් සකස් කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

දැටනමත් බොහෝ බස් රථ හිමිකරුවන් කොන්දොස්තරවරුන් නොමැතිව තම බස් රථය ධාවනය කරන බවද ඔහු සදහන් කළා.

ඉන්ධන මිල වැඩිවීම, ටයර් ඇතුළු අමතර කොටස්වල මිල ඉහළ යාම මෙන්ම බස් රථවල ගමන් කරන මගී ජනතාවගේ අඩුවක් තිබීමද මෙම තීරණය ගැනීමට හේතු වූ බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now