ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ලංවීම දණ ගසයි. හෙට දින දක්වා විදුලි කප්පාදුව ගැන විශේෂ තීරණයක්.

Government Of Sri Lanka Supreme Court of Sri Lanka Ceylon Electricity Board
By Wayomi මාස 1 කට පෙර
Wayomi

Wayomi

Report

හෙට දින දක්වා විදුලිය කප්පාදු කිරීමක් නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට අද ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

ඒ, උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනුකළ නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

එහිදී පෙත්සම හෙට දින කැඳවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා තිබුණා.

ඒ, මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයින් උපදෙස් ලබා ගැනීම සඳහා කාලය අවශ්‍ය බව පවසමින්.

නමුත් එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පෙන්වා දී ඇත්තේ මෙය හදිසි කටයුත්තක් බැවින් කල් දැමීම නුසුදුසු බවයි.

ඒ අනුව වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ නීතිඥවරුන්ට කල් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම අද දිනයේ යළි කැඳවන බව නියෝග කළා.

පසුව පෙත්සම යළි කැඳවූ අවස්ථාවේ විදුලි බල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබාදෙනු ලැබුවා.

ඒ , පෙත්සම හෙට දින සළකා බලන තෙක් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට සහතික වෙමින්.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW