ගුවන් අනතුර ගැන හොයන්න විශේෂ කමිටුවක්

Plane Crash Sri Lanka Air Force Latest Headlines Sinhala news
By Mithu May 09, 2025 04:38 PM GMT
Mithu

Mithu

Report

හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට වැටී සිදුවූ අනතුර පිළිබදව වැඩිදුර පරික්ෂණය කිරිමට විශේෂ පරික්ෂණ කමිටුවක් පත් කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.

ගුවන් හමුදාපති විසින් මෙම 09 දෙනෙකුගෙන් යුත් විශේෂ පරීක්ෂණ කමිටුව පත් කරනු ලැබ ඇති බව ගුවන් හමුදාව සඳහන් කළේ ය. ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (මැයි 9) උදෑසන මාදුරුඔය ජලාශයට වැටිණි.

අපි මුක්කු ගහන් නෑ -දිලිත්

අපි මුක්කු ගහන් නෑ -දිලිත්

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ පැවති විසිරයෑමේ උළෙලේ සංදර්ශන අංගයකට සූදානම් කළ යානයකි. අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා හා ගුවන් යානයේ කාර්යය මණ්ඩලය ඇතුළුව 12 දෙනෙකු ගුවන් යානයේ ගමන් කර ඇති අතර ඔවුන් සියලු දෙනා ම මුදා ගැනිණි.

ඉන් අනතුරුව මූලික ප්‍රතිකාර සදහා අරලගන්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා පොළොන්නරුව මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව සෙබළුන් හය දෙනෙකු ජිවිතක්ෂයට පත්විය. මෙලෙස ජීවිතක්ෂය පත්වී ඇත්තේ, හෙලිකොප්ටරයේ ගමන් ගත් ගුවන් අවිකරුවන් දෙදෙනා සහ යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකි.

පිටින් කට්ටිය ගන්නෙ නෑ කියපු ආණ්ඩුව දැන් මේ කියන කතාව මොකක්ද?

පිටින් කට්ටිය ගන්නෙ නෑ කියපු ආණ්ඩුව දැන් මේ කියන කතාව මොකක්ද?

ReeCha