හපිපු ලෙබ්බේ මහමුදු රිපාඩ් මහතා නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි
By Kanchana
හපිපු ලෙබ්බේ මහමුදු රිපාඩ් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (24) දිවුරුම් දුන්නේය. පාර්ලිමේන්තු කටයුතු අද උදෑසන ආරම්භ කිරීමෙන් අනතුරුව කථානායකවරයා ඉදිරියේ ඒ මහතා දිවුරුම් දී තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එම්.එස්. අබ්දුල් වාහිද් මහතා පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා මහමුදු රිපාඩ් මහතා පත් කර ඇත.