රෝහල්වල ඖෂධ හිඟයක්.

Sri Lanka Hospitals in Sri Lanka
By Hashini Oct 17, 2023 03:25 AM GMT
Hashini

Hashini

Report

 මානසික රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ගවල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයෙන් වාර්තා වනවා.

මානසික රෝග සඳහා භාවිත කරනු ලබන Wafarin, Amiodarone, Amisulpride, lithium SR, Orciprenaline ඇතුළු ඖෂධ වර්ග පහකට වැඩි ප්‍රමාණයක් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ඇතුළු දිවයින පුරා පිහිටි මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකක තුළ හිඟයක් ව පවතිනවා.

මේ හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය රෝගීන් හට ඖෂධ ලබා දීමේදී දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

රෝහල් කාර්ය මණ්ඩල සඳහන් කරන්නේ රෝගීන්ගේ ඥාතින්ට ඖෂධ පිටතින් ගෙන එන ලෙස දැනුම් දුන්නද එම ඖෂධ නොලැබෙන බවයි.

රෝහල් බලධාරීහු ප්‍රකාශ කරනු ලබන්නේ ඇතැම් ඖෂධ වර්ග පරිත්‍යාග කරනු ලබන බවත් ඒවා කළමනාකරණය කරමින් ප්‍රතිකාර කටයුතු කරන ලබයි. 

ReeCha