මෙක්සිකෝවේ වෙඩි තැබීමක්.

By Hashini Sep 17, 2023 06:21 AM GMT
Report

බටහිර මෙක්සිකෝවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.

බටහිර මෙක්සිකෝවේ ජාලිස්කෝ ප්‍රදේශයේ ඇති මත්පැන්හලක මෙම වෙඩි තැබීම සිදු ව ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කළේ.

මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ මෙක්සිකෝවේ නිදහස් දින සැමරුම් අතරතුරයි.

විදෙස් මාධ්‍යය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අපරාධ කල්ලි අතර ඇති වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.