ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳ සොයන්න කමිටුවක්

Report

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම පිළිබඳ සොයා බැලීමට, ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කළ බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම පනත අහෝසි කිරීම සම්බන්ධ මූලික සාකච්ඡාවක්, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වැනිදා අමාත්‍යාංශයේදී පැවති අවස්ථාවකදී මෙම තීරණය ගෙන ඇත.

ජේවීපී කාරයෝ මොක්කුද? - ඔවුන්ගේ ජනරැලිවලට එන්නෙත් බුද්ධිහීනයෝ..- නිර්මාල් රංජිත් කියයි

ජේවීපී කාරයෝ මොක්කුද? - ඔවුන්ගේ ජනරැලිවලට එන්නෙත් බුද්ධිහීනයෝ..- නිර්මාල් රංජිත් කියයි

එහිදී, නව පනත ගෝලීය ත්‍රස්තවාදය හා අභියෝගවලට මුහුණ දිය හැකි, එසේම මෙරට ව්‍යවස්ථාවෙන් සහතික කරන ලද මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කඩ නොවන, අන්තර්ජාතිකව පිළිගත හැකි පනතක් විය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

පසුගිය ආණ්ඩු මෙම පනත සංශෝධනයට අවශ්‍ය උනන්දුවකින් කටයුතු නොකළ අතර, පත් කළ කමිටුව ඉතා කෙටි කාලයකදී PTA අහෝසි කිරීමට අදාළ කරුණු ඉටු කළ යුතු බව අමාත්‍යවරයා කමිටු නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ඇමති වසන්ත සැකකරුවෙක්ද නැද්ද - තීන්දුව ජුනි 16!

ඇමති වසන්ත සැකකරුවෙක්ද නැද්ද - තීන්දුව ජුනි 16!

මැයි මස මුලදී මහජන හා සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීමටත්, අන්තර්ජාතික ආයතනවල හා ප්‍රජාවන්ගේ මතයන් ලබා ගැනීමටත් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා කමිටුවට උපදෙස් දුන් බව එම නිවේදනයේ සඳහන් වේ.