01 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා දරුවන්ට ශිෂ්‍යාධාර වැඩසටහනක්..අයදුම් කරන විදිය මෙන්න..
Ministry of Education
Ranil Wickremesinghe
Education
By Aruna
පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන ආර්ථික අපහසුතා ඇති පාසල් සිසුන් ලක්ෂයක් සඳහා ශිෂ්‍යාධාර ලබාදීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී ඇත.
ඒ අනුව, ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ අයදුම්පත හා උපදෙස් පත්‍රිකාව භාෂා තුනෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතී.
නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024.03.20 වන දිනට ප්‍රථමව අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත භාරදිය යුතු වනවා.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)