සහල් සම්බන්ධයෙන් ආ යෝජනාව - ඉදිරියේ දී කුමක් සිදු කරයි ද?.
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
වෙළඳපොළේ පැවති බිත්තර මාෆියාව බිත්තර ආනයනය කිරිම මගින් නතර කළා සේ සහල් මාෆියාව ද නතර කිරීම සඳහා සහල් පිටරටින් ආනයනය කළ යුතු බව ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.
එම සංගමයේ සභාපති හර්ෂන රුක්ෂාන් සඳහන් කළේ මේ වන විට වෙළඳපොළෙහි කීරි සම්බා පාලන මිල ඉක්මවා රුපියල් 360 කට අලෙවි කරන බවයි.
එමෙන්ම, ආපන ශාලාවලට වැඩි වශයෙන් කීරි සම්බා යොදා ගන්නා බවත් මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඔවුන් සඳහන් කළේ ය.
