අවුරුදු සමයේ සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

Report

 අලුත් අවුරුදු සමයේ සිදුවන අනතුරුවලින් දරුවන් ආරක්ෂාකර ගැනීමට වැඩිහිටියන් අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය අංශ පවසයි.

අලුත් අවුරුදු උදාවත් සමග දිවයින තුළ අනතුරු බහුල වශයෙන් සිදුවීම සෑම වසරකම අසන්නට දකින්නට ලැබෙන දෙයකි. එම අනතුරු වලක්වා ගැනීම සඳහා අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගේන ඉල්ලා සිටී.

චෙන්නායි නායකයා වෙනුවට 17 හැවිරිදි ආයුෂ් සංචිතයට කැඳවයි

චෙන්නායි නායකයා වෙනුවට 17 හැවිරිදි ආයුෂ් සංචිතයට කැඳවයි

අනතුරු වලක්වා ගන්නා ආකාර පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා, "විශේෂයෙන්ම ළමයි ගැන වැඩිපුර අවධානය යොමුකරන්න. අපි හැම අවුරුද්දකම හැම දිනකම වගේ දකින ඒ හදිසි අනතුරු තවදුරටත් වැඩි වෙනවා. අවුරුද්දෙන් පසුව වාහන අනතුරු නිසා රෝහල් ගතවෙන දරුවෝ වැඩියි. ඊටත් අමතරව ගිනිකෙළි නිසා දරුවන්ට අනතුර සිදුවෙනවා වැඩියි.

මේක ගැන අපි දැනුවත් විය යුතුයි. විශේෂයෙන්ම මේ දිනවල පාරවල්වල සිදුවන හදිසි අනතුරුත් වැඩියි. අපි දකින දෙයක් තමයි මත්පැන් පානය කළ රියදුරන් පාරවල්වල ගමන්කරනවා ඒ නිසා හදිසි අනතුරු වැඩිවෙනව. ඩෙංගුවලට වැඩිය මරණ හදිසි අනතුරු නිසා සිදුවෙන නිසා මේවා අවම කරගන්න. ඊට අමතරව හැම අවුරුද්දකටම පසු කාලීනව අපි දකින දෙයක් තමයි මේ පාචන තත්ත්වය වැඩිවීම අපේ දරුවන්ට පිරිසිඳු ආහාර හා පිරිසිදු ජලය ලබාදුන්නේ නැත්නම් ඒ දරුවෝ පාචන තත්ත්වයන් මගින් රෝහල් ගත වෙනවා.

තාමත් මේ කාලේ රස්නෙයි. අපේ රටට හිරු මුදුන්වන කාලය මේ ඉතින් ඒ නිසා අපේ ශරීරයේ වැඩිපුර දහඩිය පිටතට යනවා. දහඩිය සහ ලවන පිටතට යනවා ඒ මගිනුත් අපිට විජලනය වෙන්න පුළුවන්. අවුරුද්දේදි ක්‍රීඩා කළ යුතුයි. වැඩිපුර වතුර පානය කර තරගවලට ඉදිරිපත්වන්න වතුරේ නාන්න ළමයින්ට ඉඩදෙන්න."

ලෝක කොටස් වෙළඳපළ ඉහළට

ලෝක කොටස් වෙළඳපළ ඉහළට