චෙන්නායි නායකයා වෙනුවට 17 හැවිරිදි ආයුෂ් සංචිතයට කැඳවයි

By Hashini Apr 14, 2025 06:35 AM GMT
Report

මෙවර 2025 IPL චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට 17 හැවිරිදි යෞවනයෙක් කැඳවා තිබෙනවා.

ඒ 17 හැවිරිදි ආයුෂ් මාත්රේ නම් ක්‍රීඩකයායි.

ඔහු කැඳවා තිබෙන්නේ ආබාධයක් හේතුවෙන් 2025 IPL තරගාවලියෙන් ඉවත් කරන ලද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය නායක රුතුරාජ් ගයික්වාඩ් වෙනුවටයි.

රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මාත්රේ ක්‍රීඩා කරනු ලබයි.

ලෝක කොටස් වෙළඳපළ ඉහළට

ලෝක කොටස් වෙළඳපළ ඉහළට

ඔහු මේ දක්වා ක්‍රීඩාකර ඇත්තේ පළමුපෙළ තරග 9ක් පමණක් වීම ද විශේෂත්වයකි.

එහිදී ශතක 2ක් හා අර්ධ ශතයක් රැස්කර ඇති ඔහු ලකුණු 504කට හිමිකම් කියයි.

මෙවර තරගාවලියෙන් ගයික්වාඩ්ට ඉඅවත් වීමට සිදු වුනේ වැලමිටේ අස්ථි බිඳීමක් හේතුවෙනි. 

හිසතෙල් ගෑමේ උත්සවය මහනුවරදී

හිසතෙල් ගෑමේ උත්සවය මහනුවරදී