අයවැයෙන් සුරපුරක් මවපු ජනපතිට Fitch Ratings ආයතනයෙන් රතු එළියක්.
පසුගිය 13 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ 2024 අයවැය යෝජනාවලියේ සඳහන් ඉලක්ක සපුරාගැනීම අභියෝගාත්මක බව Fitch Ratings ආයතනය ප්‍රකාශ කරනවා.
ඒ, අනුව 2024 දී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 7.1%ක් වියහැකි බවට ඔවුන් කර ඇති අනුමානය වෙනස් විය හැකි බවද ඔවුන් පේනවා දෙනවා.
නව දත්ත අනුව පෙනීයන්නේ එය තවත් වැඩිවිය හැකි බවට ද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනවා.
බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වෙන්කළ රුපියල් බිලියන 450 සමගින් 2024දී ශ්‍රී ලංකාවේ අයවැය පරතරය 9.1% වියහැකි බවට අයවැය යෝජනාවලියේ සඳහන් වුණා.
එමෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 330ක විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි කොටස තීරණය වන්නේ, නිල ණය හිමියන්ගේ ප්‍රතිචාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සමාලෝචනය කිරීමෙන් පසුව බව ද Fitch Ratings ආයතනය පවසනවා.
කෙසේ වෙතත් ඔවුන් තව දුරටත් පෙන්වා දී තිබුණේ, මෙරට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ කාලරාමුව අවිනිශ්චිත බවයි.
