නව රජයෙන්, ජනතාවට සතුටු හිතෙන කඩිනම් වැඩපිළිවෙළක්.. ජනපති කීව දෙය මෙන්න..(PHOTOS)

Report

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති උත්සවයට එක්වෙමිනි.

"ළඟම පාසල හොඳම පාසල.." - නව රජයෙන් පාසල් ගැන ගත් තීරණය මෙන්න..

"ළඟම පාසල හොඳම පාසල.." - නව රජයෙන් පාසල් ගැන ගත් තීරණය මෙන්න..

වාහන මිල ලෙසටම නගී?. වාහනයක් ගන්න හීන බොඳ වෙයි ද?.

වාහන මිල ලෙසටම නගී?. වාහනයක් ගන්න හීන බොඳ වෙයි ද?.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා nirdc.gov.lk නව වෙබ් අඩවිය දියත් කිරීම ද මෙම අවස්ථාවේ සිදු කෙරිණි.

එමෙන්ම, මිනිසාගේ අවශ්‍යතා නොවෙනස්ව පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම අවශ්‍යතා ලබා ගන්නා මාදිලිය පමණක් වෙනස් වන බවත්, නව උත්පාදනය තුළින් එම මාදිලිය නිර්මාණය කළ හැකි බවත් සදහන් කළේ ය.

තවද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ තාක්ෂණයට සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පැවැති ප්‍රතිපත්තිය නිසා ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවට හිමි තැන අත්පත් කර ගැනීමට අසමත් වූ බවත් ලෝකයේ තාක්ෂණය සමඟ වෙළෙඳපොළ මාදිලියේ නව පෙරළියක් ඇති වුණත් ශ්‍රී ලංකාව තේ, පොල්, රබර් වැනි පැරණි සංකල්පයක හිරවී ඇති බවත් ය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ විස්තරය ඇතුළත් නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video👇 

.

GalleryGalleryGallery