පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්.. මුලින්ම තියෙන මැතිවරණය මෙන්න..

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician
By Aruna Dec 09, 2023 06:48 AM GMT
Aruna

Aruna

Report

වත්මන් පාර්ලිමේන්තුවේ සිව්වන සැසි වාරය අවසාන කර නව සැසිවාරය ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමක් පවති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටමින් සති අන්ත ජාතික පුවත්පතක් අවධාරණය කර සිටිනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්.. මුලින්ම තියෙන මැතිවරණය මෙන්න.. | A Preparation To Dissolve Parliament

ඉන් පසු මහ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටීමට අවධානය යොමුවී ඇති බවයි එම වාර්තාව පවසා සිටින්නේ.

2024 වසර සඳහා වන අයවැය විවාදය මෙම මස 13 වෙනිදා අවසන් වන අතර ඉන් පසු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි මස මාසයේ මුල් සතියේ ආරම්භ වීමට නියමිතව පවතී.

එසේ ආරම්භ වන පාර්ලිමේන්තු සතිය තුළ ආණ්ඩුව හදිසි අණ පනත් කිහිපයක් සම්මත කරගැනීමේ සූදානමක් ද පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම වාර්තාව වැඩි දුරටත් කියා සිටින්නේ, ඉන් පසු ජනවාරි මස මැද භාගයේදී සැසිවාරය අවසන් කිරීමේ ගැසට්ටුව නිකුත් කිරීමේ සූදානමක් ඇති අතර, මාර්තු මස මැද භාගයේදී පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ ඇති බවයි.

මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය ද පැවැත්වීමේ සූදානමක් පවතින බවයි එම දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

ReeCha