වෙනිසියුලාවේ බලවත් භූකම්පනයක්
By Shehan
උතුරුබටහිර වෙනිසියුලාවේ සුලියා ප්‍රාන්තයේ මෙනේ ග්‍රෑන්ඩේ අසල මධ්‍යස්ථානය කරගත් මෙම භූකම්පනය මැග්නිටියුඩ් 6.2ක ප්‍රබලත්වයකින් යුක්ත බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) වාර්තා කර තිබෙනවා.
මෙම භූකම්පනයේ ගැඹුර කිලෝමීටර් 10ක් පමණ වන අතර, එය අගනුවර කරකස් දක්වාත්, කොලොම්බියාවේ බොගෝටා දක්වාත් දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
භූකම්පනයෙන් මෙතෙක් විශාල හානි හෝ ජීවිත හානි වාර්තා වී නොමැති බවත්, එහෙත් ගොඩනැගිලි කම්පා වීමෙන් ජනතාව බියට පත්ව එළිමහන් වෙත ගොස් ඇති බවත් වාර්තා වෙනවා.
මෙම සිදුවීමෙන් පසුව සමාජ මාධ්‍යවල වීඩියෝ සහ ඡායාරූප බෙදාහදා ගැනීම් වැඩි වී තිබෙනවා.
