ඉහළ අහසේ ගමන් කළ ගුවන් යානයක් මගීන් 200 ගණනක් සමග එකවරම කළ දේ මෙන්න..

India World Bomb Blast
By Aruna Sep 09, 2024 08:11 AM GMT
Aruna

Aruna

Report

ඉන්දියාවේ සිට ජර්මනිය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් තුර්කි ගුවන් තොටුපළකට හදිසි ගොඩබැසීමක් සිදු කර තිබෙන බව වාර්තා වනවා.

ඒ මගීන් 234 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු සමඟ මුම්බායි සිට ෆ්‍රැන්ක්ෆර්ට් දක්වා ගමන් කළ විස්තාරා ගුවන් සේවයට අයත් VTI027 ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට කඩදාසි සටහනක් හමුවීමත් සමඟ බවයි පැවසෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම යානය නැගෙනහිර තුර්කියේ අර්සුරුම් ගුවන් තොටුපළට හදිසි ගොඩබැසීමක් සිදු කළ බවයි.

ලබන 13 වන දින පලාතක පාසල් වල සිදුවෙන්න යන විශේෂ දේ ගැන දැනුම්දීමක්..

ලබන 13 වන දින පලාතක පාසල් වල සිදුවෙන්න යන විශේෂ දේ ගැන දැනුම්දීමක්..


ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට යානයේ බෝම්බයක් ඇති බවට එහි වැසිකිළියක අලවා තිබූ කඩදාසි සටහනක් හමුවීමෙන් පසු ඉන්දියාවේ සහ තුර්කියේ ගුවන් බලධාරීන් දැනුම්වත් කිරීමෙන් පසුව ගොඩබස්සවා යානයේ සිටි මගීන් ආරක්ෂිතව යානයෙන් ඉවත් කිරීමට යානයේ කාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

අනතුරුව තුර්කියේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ ගෙන්වා යානය දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, යානය තුල පුපුරන ද්‍රව්‍ය කිසිවක් හමු නොවූ බවයි බෝම්බ නිෂ්ක්‍රීය අංශ දැනුම් දී ඇත්තේ.

නිතර ඉහළ පහළ යන ඩොලරයට අද සිදුවූ දේ මෙන්න..මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

නිතර ඉහළ පහළ යන ඩොලරයට අද සිදුවූ දේ මෙන්න..මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..


විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පසුව විස්තාරා ගුවන් සමාගම වෙනත් ගුවන් යානයක් යොදා ගෙන තුර්කි ගුවන්තොටුපොළේ සිටි මගීන් නැවත ගමනාන්තය දක්වා රැගෙන ගොස් තිබෙන බවයි.