ශ්‍රී පාදස්ථානය වන්දනා කළ වන්දනාකරුවෙක් හදිසියේම මියයයි.

Sri Lanka Police Death
By Wayomi Feb 01, 2024 08:36 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී පාදය වන්දනාකර නැවත නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටි වන්දනාකරුවෙක් අද (01) අළුයම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ,වටවන, මැල්සිරිපුර ප්‍රදේශයේ සිට පැමිණි 73 හැවිරිදි පුද්ගලයෙක්.

එම පුද්ගලයා වන්දනා නඩයක් සමග නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රීපාදය බලා ගොස් නැවත ගම්බිමි බලා යාමට නල්ලතන්නිය බලා පැමිණෙමින් සිටියදී ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේ ඇද වැටී සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.

මියගිය අයගේ මළ සිරුර මස්කෙළිය ප්‍රාදේශිය රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත්කර ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නල්ලතන්නිය පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

                                                              Sponsored By Sarrita Jewellery

ශ්‍රී පාදස්ථානය වන්දනා කළ වන්දනාකරුවෙක් හදිසියේම මියයයි. | A Pilgrim Who Visited Sri Padasthana Dies Suddenly

ReeCha