නවක වදය ගැන තීරණයක්?. - පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්..

Report

මෙරට විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල සිදුවන නවක වදය සිද්ධි සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පොලිසිය විසින් විශේෂ දුරකතනය අංකයක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව 076 545 3454 වට්සැප් දුරකතන අංකය ඔස්සේ මේ අනුව තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ ය.

එමෙන්ම වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා කියා සිටියේ පොලිස් නිලධාරීන් යැයි පවසමින් සිවිල් ඇදුමින් සැරසුණු පුද්ගලයින් පිරිසක් රථ වාහන පරික්ෂා කරන මුවාවෙන් කොල්ලකෑම් සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.