මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරයි..

Mahinda Rajapaksa Sri Lanka Politician Prime minister Harini Amarasuriya National People's Power - NPP
By krishani Jan 24, 2025 11:19 AM GMT
krishani

krishani

Report

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙසයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

එමෙන්ම, නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට ඇත.

අන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කළ බව නීතිඥවරු මාර්ගයෙන් එම පෙත්සමේ සදහන් කර තිබෙනවා.

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

නව රජයෙන්, පහසුකම් සහ දීමනා ගැන දැනුම්දීමක්.. වාහන, ඉන්ධන, දුරකථනත් දීමනා අතරට..(PHOTOS)

නව රජයෙන්, පහසුකම් සහ දීමනා ගැන දැනුම්දීමක්.. වාහන, ඉන්ධන, දුරකථනත් දීමනා අතරට..(PHOTOS)

තවද, එහි සදහන් වන්නේ මේ වනවිට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවයි.

එමෙන්ම, පොලිස් නිලධාරින් පමණක් ආරක්ෂාව සඳහා සපයා තිබෙන බවත් ත්‍රස්තවාදී තර්ජන වලට මුහුණපා සිටින ඔහුගේ ජීවිතයට ද තර්ජන එල්ල වී තිබෙන බවත් එහි සදහන් වේ.

ඒ අනුව තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද එම පෙත්සමේ දැක් වේ. 

හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමෙන් කියා සිටියේ අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් එම පෙත්සමේ සදහන් වන්නේ මේ වන විට ඉවත් කර තිබෙන තමන්ට සපයා දී තිබූ සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි ලබාදෙන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි.

You May Like This Video👇 

ReeCha