බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රයෙන් දරුවා සහ තවත් කතක් සමඟ රටින් පනින්න හදලා.

CID - Sri Lanka Police Bandaranaike International Airport Sri Lanka
By Wayomi Nov 01, 2023 12:37 PM GMT
Wayomi

Wayomi

Report

තම බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය යොදාගෙන වෙනත් කාන්තාවක් ඉතාලියට රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින්.

සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, සිය පස් හැවිරිදි කුඩා පුතා සමඟ තම බිරිඳ ලෙස හැඟවෙන පරිදි කන්කසන්තුරය ප්‍රදේශයේ 29 හැවිරිදි කාන්තාවක සමඟ ඉතාලියට පිටත්ව යාමට උත්සහ දැරීමේදීයි.

එහිදී මෙම පවුලේ ලියකියවිලි නිෂ්කාශනය කර ගැනීමට විගමන කවුළුවට පැමිණි අවස්ථාවේ මොවුන් පිළිබඳ ඇති වූ සැකය මත මොවුන් තිදෙනා දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්ට යොමු කර තිබුණා.

එහිදී කුඩා දරුවා මෙම පියාගේ වුවද, සැකකාර කාන්තාව ඔහුගේ බිරිඳ හෝ මව නොවන බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයා මීට සති කීපයකට පෙර දිවයිනට පැමිණෙන අවස්ථාවේ ඉතාලියේ සිටින සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රයද රැගෙන පැමිණ එයට කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන මුද්‍රාව, ව්‍යාජ ලෙස සකස් කර එය තබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු ඇතුළු දරුවා ආගමන විගමන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දී තිබෙනවා.    

ReeCha