කටුනායකට ගෙනත් තිබ්බ දේ දැකලා පොලිසියත් පුදුම වෙලා
පිස්තෝලයක්,මැගසීනයක් සහ පතොරම් 12ක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී කටුනායක ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාස සදහන් කළේ.
මොහු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, 2018 වසරේ දෙසැම්බර් 20 වනදා ගල්කිස්ස ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමක් මොහු මීට පෙර අත්අඩංගුවට පත් ව ඇති බවයි.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබෙනවා.