ආණ්ඩුව දුන්නේ රතු එළියක්...ගමත් ඕනි... (VIDEO)

Report

විධායක බලතල අතේ තබාගෙන එම බලතල වලින් ඔබ්බට ගොස් මහජනතාව පීඩාවට පත් කරමින් කටයුතු කරන රාජ්‍ය නිළධාරීන්ට වත්මන් ආණ්ඩුව විසින් රතු එළියක් නිකුත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටච්චි මහත්මිය පවසනවා.

වත්මන් ආණ්ඩුව ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිත කිරීමට ක්‍රියා කරමින් සිටින බවයි ඇය සඳහන් කළේය.

පැවැත්වීමට නියමිතව පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක රැළියකට එක්වෙමින් අදහස් දක්වූ ඇය තවදුරටත් කියා සිටියේ වංචාව, දූෂණය, අල්ලස සහ සොරකමින් මෙරට බේරා ගැනීමට ගමේ බලයත් තමන්ට අවශ්‍ය බවයි.

වත්මන් ආණ්ඩුව ගමන් නිවැරදි මඟට ගෙන ඉන් අනතුරුව රට නිවැරදි මඟට ගෙන ඒමට උත්සාහ කළ ද තමන්ට මුලින්ම රට ගොඩනැගීමට අවස්ථාව හිමිවූ බවත්, මේ වන විට ගම හැදීමට අවස්ථාව වූ හැකි බවත් ඇය සඳහන් කළා.