නොසිතූ මොහොතේ මුහුදු රකුසාට බිලි උන තරුණ ජිවිතය..
By Piyumika
ඊයේ (15) සවස් කාලයේදී පානම මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.
එලෙස මියගොස් ඇත්තේ, කල්මුණ ප්රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පැවසීය.
මරණකරු පානම මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලෙමින් සිට ඇත.
එහිදී ප්රදේශවාසීන් විසින් ඔහුව ගොඩට ගෙන පානම රෝහලට ඇතුළු කිරීමේදී මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.