එක්තැන් මවට දිවා ආහාරය රැගෙන ගිය පුතුගේ අවාසනාවන්ත ඉරණම...

By Piyumika Feb 07, 2025 02:39 AM GMT
Report

අනාරක්ෂිත ලෙස නිවසක ඇද තිබූ විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ඉඩමක සඟවා තිබියදී සොයා ගත් දේ..ප්‍රකාශයක් ගැනීමට යන විට මන්ත්‍රීවරයා සම්බන්ධයෙනුත් තොරතුරක් නෑලු...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ඉඩමක සඟවා තිබියදී සොයා ගත් දේ..ප්‍රකාශයක් ගැනීමට යන විට මන්ත්‍රීවරයා සම්බන්ධයෙනුත් තොරතුරක් නෑලු...

සෙවනගල පොලීසිය සඳහන් කළේ ඊයේ (06) දහවල් කාලයේදී සෙවනගල පොලිස් වසමේ නෙලුම්වැව ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 31ක් වූ නෙලුම්වැව, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිය ක්ෂේත්‍රයේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම ගියවුන්ට දුන් පට්ටම වටිනා තෑගී වලට දැන් වෙලා තියන දේ...(PHOTO)

සිය ක්ෂේත්‍රයේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම ගියවුන්ට දුන් පට්ටම වටිනා තෑගී වලට දැන් වෙලා තියන දේ...(PHOTO)

මරණකරුගේ අසල නිවසේ අසනීප තත්ත්වයෙන් එක්තැන් වී සිටින තම මවට දිවා ආහාරය ලබාදීම සඳහා එම නිවසට ගිය අවස්ථාවේදී, නිවස තුළට සුනඛයන් පැමිණීම වැළැක්වීම සඳහා ඔහුගේ පියා විසින් නිවස තුළ අනවසරෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘතශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සෙවනගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You may like this video