ඡන්දදායකයින් සඳහා පොලිසියෙන් දැනුම් දීමක්...

Sri Lanka Police Election Commission of Sri Lanka Sri Lanka Election Sri lanka election 2024
By Parami Dissanayake Sep 19, 2024 05:30 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ඡන්දය පැවැත්වෙන දිනයේ දී සිය ඡන්දය භාවිතා කිරීමට පැමිණෙන ඡන්ද දායකයින් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පිළිබඳව පොලීසිය විසින් මහජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, ඡන්දය ප්‍රකාශයට පැමිණෙන පුද්ගලයින් වාහනයකින් පැමිණෙන්නේ නම්, එය මධ්‍යස්ථානයට බාධාවක් නොවන පරිදි ගාල් කර තබා ඡන්දය ප්‍රකාශ කිරීමට යන ලෙසත්, ආබාධිත පුද්ගලයින් රැගෙන එන, කළින් අවසර ලබාගත් වාහනවලට පමණක් ඇතුළුවීමට අවසර ලබාදෙන බවත් ය.

බටහිර ජාවාහි ප්‍රභල භූ කම්පනයක්...

බටහිර ජාවාහි ප්‍රභල භූ කම්පනයක්...

එමෙන් ම, වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඇඳගෙන පැමිණෙන ඇඳුම්වල හෝ බෑග්වල නොදැනුවත්ව හෝ තියුණු ආයුධ කොටස් තිබිය හැකි නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වී පැමිණීමෙන් අපහසුතාවයන්ට පත්වීමෙන් වැළකීමට හැකි බවයි.

එමෙන් ම, අධික ලෙස මත්පැන් පානය කර ඡන්ද මධ්‍යස්ථානවලට නොපැමිණෙන ලෙසත් සඳහාන් ය.

වර්ජන කළ සේවකයින්ගේ වැඩ තහනම්...

වර්ජන කළ සේවකයින්ගේ වැඩ තහනම්...

එමෙන් ම, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, ඡංගම දුරකථන ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යාමට අවස්ථාව ලබා නොදෙන බවත්, යම් හෙයකින් වීඩියෝ ගත කිරීමක් හෝ ඡායාරූප ගත කිරීමක් සිදුකළහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ය.